කොවිඩ්-19; පුර්ණ සුවය ලැබූවන් 16,226ක්

නොවැ 28, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී පුර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 72.11ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ, මේ දක්වා 16,226 දෙනෙකු සුවය ලබා ඇති බවයි.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 52ක් සුවය ලබා අද පිටව ගියේය. ඔවුන් කුරුණෑගල, අනුරාධපුරය, ගම්පහ, බදුල්ල, මාතර, ගාල්ල සහ කොළඹ යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    කොවිඩ්-19 රෝගය වැළඳී සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 72.11ක්. 27.41%කට අදාළ පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 6,168ක් ඊට අයත්.

    දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තාවන සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 19,431ක්. දිවුලපිටිය කර්මාන්ත ශාලාව ආශ්‍රිතව රෝගීන් 3059ක් හඳුනාගනු ලැබීය. අනෙක් 16,372ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. ඒ ආශ්‍රිත රෝගය වැළඳුණු පිරිසෙන් 12,793ක් සුවය ලබා සිටී. එම ප්‍රතිශතය 65.84ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, 34.16%කට අදාළ පිරිසක් පමණි.

    මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 473 දෙනෙකු ඊයේ හඳුනාගනු ලැබීය. ඉන් 472ක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමයින්. අනෙක් පුද්ගලයා විදේශයක සිට පැමිණි අයෙක්.

    ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් වැඩිම පිරිසක් හඳුනා ගෙන ඇත්තේ, බස්නාහිර පළාතෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ 138 ක් සහ ගම්පහ 63ක් ඒ අතර වේ.

    මෙරට ඊයේ පීසීආර් පරීක්‍ෂණ 13,286ක් සිදු කෙරිණ. මෙතෙක් සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්‍ෂණ සංඛ්‍යාව අට ලක්ෂ 3,001ක්.

    මේ අතර, කොවිඩ්-19 පුද්ගල මරණ 8ක් මෙරටින් ඊයේ වාර්තා විය. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි කාන්තාවක ඉකුත් 23 දින නිවසේදී මියගොස් තිබේ. මරණයට හේතුව ආඝාතය, කොවිඩ්-19 සමඟ ඇතිවූ හෘදයා බාධයක්.

    කොළඹ 09 දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි කාන්තාවක් ද මියගොස් තිබේ. ඇය මහරගම අපේක්‍ෂා රෝහලේ සිටියදී කොවිඩ්-19 රෝගියෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු, හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ඇය ඊයේ මරණයට පත්ව ඇති අතර, පිළිකා රෝගය සමඟ උග්‍ර වූ කොවිඩ්-19 නිව්මෝනියා තත්වය එම මරණයට හේතුවයි.

    මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක ඉකුත් 25 දින මියගොස් ඇත. ඒ, කොවිඩ්-19 රෝගය සමඟ ඇතිවූ හෘදයා බාධයකින්.

    Latest News