තරුණ ව්‍යවසායකයන්ගේ කියු ෂොප් ව්‍යපෘතිය ඇරඹේ

නොවැ 20, 2020

    තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් කියු ෂොප් දහසක් ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

    රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා පරිශ්‍රයේ දී ප්‍රථම කියු ෂොප් වෙළෙද සැළ විවෘත කෙරුණා.

    තරුණ ව්‍යාවසායකයින් සඳහා වෙළෙඳපොල අවස්ථා නිර්මාණය කිරීම මේ යටතේ සිදුවනවා.

    ගුණාත්මක භාවයෙන් යුත් රාජ්‍ය අංශයේ මෙන්ම මෙරට පෞද්ගලික අංශයේ නිෂ්පාදකයින්ගේ භාණ්ඩ සෘජුවම පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම මෙම වැඩපිළිවෙළට ඇතුළත්.

    ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ රට පුරා කියු ෂොප් දහසක් ආරම්භ කෙරෙනවා.

    අනතුරුව 2024 වනවිට දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි කියු ෂොප් දාහතර දහසක් ආරම්භ කිරීම සැළැස්මයි.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුවයි මෙය ආරම්භ කෙරුණේ.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි අඩුමිලට ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ අලෙවි කිරීම මෙහිදී සිදුවනවා.

    ක්‍රීඩා අමාත්‍යාංශයේ තරුණ ව්‍යවසායකයින් නගාසිටුවීමේ වැඩසටහන යටතේ ව්‍යාපෘතියට අවශ්‍ය තරුණ තරුණියන් සොයාදීම සිදුකෙරෙනවා.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රචනා කළ ඔබයි දැයේ විරුවා නමැති ගීතය ඇතුළත් සංයුක්ත තැටිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනයට සමගාමීව පිරිනැමීම ද මෙහිදී සිදුකෙරුණා.

    අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් හා ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

    Latest News