අමාත්‍ය ජනක බණ්ඩාරට එරෙහිව නීතිපති ගොනුකළ අධිචෝදනා පත්‍රය බල රහිත කෙරේ

නොවැ 20, 2020

    අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

    ඒ 1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව ගොනු කළ අධිචෝදනා පත්‍රයක් සම්බන්ධයෙනි.

    එම අධිචෝදනා පත්‍රය නීතියට පටහැනි ලෙසට ගොනු කර ඇති බව පවසමින් එය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

    අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අමාත්‍යවරයා විසින් ගොනු කළ රිට් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

    1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යහපාලන රජය විසින් තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ ද්වේශ සහගත ලෙසට අධිචෝදනා පත්‍රයක් ගොනු කර ඇති බව ජනක බංඩාර තෙන්නකෝන් පෙත්සමෙන් පවසා සිටියි.

    එම පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය අවධාරණය කර ඇත්තේ පෙත්සම්කරුට එරෙහිව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය පවත්වා තිබෙන ලඝු නොවන නඩු විභාගය නිත්‍යානුකූල නොවන බවයි.

    Latest News