ශ්‍රී ලංකාව එංගලන්තයේ ආරක්ෂිත රටවල් ලයිස්තුවට එක්කෙරේ

නොවැ 20, 2020

    ඊශ්‍රායලය, උරුගුවේ සහ ශ්‍රී ලංකාව ඊයේ (19) එංගලන්තයේ ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කර ඇතැයි, වාර්තා වේ. 

    එම රටවල් මෙන්ම නැමීබියාව, රුවන්ඩාව, බොනෙයා, ශාන්ත යූස්ටේටියස් සහ සාබා, උතුරු මරියානා දූපත් සහ එක්සත් ජනපද වර්ජින් දූපත් වල සංචාරකයින්ට ද හෙට (21) සිට එංගලන්තයට පැමිණෙන විට තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියකට ලක්වීමට සිදු නොවනු ඇතැයි, එහි සඳහන් වේ.

    මෙම සතිය තුළදී කිසිදු රටක් ආරක්ෂිත ලැයිස්තුවෙන් ඉවත් කර නොමැති බව ද බ්‍රිතාන්‍ය ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

    Latest News