දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කෙරේ

නොවැ 19, 2020

    පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි දෙක බැගින් විවෘත කල බව ජලාශය බාර ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.

    ඊයේ රාත්‍රියේ ජලාශය වාන් මට්ටමට පැමිණි අතර මේ වනවිට එහි ජල මට්ටම මීටර් 70.8 ක් ලෙස දැක්වෙයි.

    ජලාශයේ වාන් දොරටු අටෙන් හතරක් විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 7000 ක ජල ධාරිතාවක් දැදුරුඔයට මුදාහැරෙන බවත් මේ හේතුවෙන් කිසිසේත්ම පහල ප්‍රදේශ වලට ගංවතුර තත්වයක් ඇති නොවන බවද ඉන්ජිනේරුවරයා කීය.

    ඉදිරියේ දී ලැබෙන වර්ෂා තත්වය අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

    දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි හැට දහසකි.

    ජලාශයෙන් ගොඩ සහ මඩ වගාබිම් අක්කර 6000 කට ජලය සැපයේ.

    Latest News