වැඩි මිළට සහල් අළෙවි කළ ස්ථානයක් වටලයි

නොවැ 19, 2020

    පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරිය මඟින් වටලනු ලැබුවා.

    පාලන මිල අනුව කීරි සම්බා කිලෝවක් අලෙවි කළ හැකි වන්නේ රුපියල් 120 යි.

    සුදු සහ රතු සම්බා මෙන්ම සුදු සහ රතු කැකුළු සම්බා කිලෝවක් අලෙවි කළ හැකි වන්නේ රුපියල් 98.00 යි.

    සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 96 ක් පමණ වනවා.

    සුදු සහ රතු කැකුළු කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි වන්නේ රුපියල් 93.00 යි.

    මෙම පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථානයක් පාරිභෝගික සේවා‌ අධිකාරිය මගින් වටලනු ලැබුවේ හලාවත මුගුණු වටවන ප්‍රදේශයේදීයි.

    මෙවැනි වැටලීම් දිටගම සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

    Latest News