කොවිඩ්-19; 12,210 ක් පූර්ණ සුවය ලබයි

නොවැ 17, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 12,210 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ්-19 රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    සුවය ලබා රෝහල්වලින් අද පිටව ගිය පිරිස 404ක්.

    පින්නවල කොවිඩ්-‍19 ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබ ඇති පිරිසෙන් තවත් 46ක් පූර්ණ සුවය ලබා ඉන් පිටව ගිය බව කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවාය. ඔවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කරනු ලැබ ඇති පිරිසෙන් 24ක් සුවය ලබා පිටව ගියේය. ඔවුන් කොළඹ, ගාල්ල, කෑගල්ල සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    කොවිඩ්-19 රෝගයෙන් සුවය ලැබූ සමස්ත පිරිසේ ප්‍රතිශතය 68.48ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 31.18%කට අදාළ පිරිසක් පමණි. රෝගය වැළඳුණු 404 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියේය.

    මේ මස ආරම්භයේ සිට අද දක්වා පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස 7,811ක්. වැඩිම පිරිසක් පිටව ගියේ, ඉකුත් 5 වැනි දිනයි. අද පිටව ගිය පිරිසට 404ක් ඇතුලත්.

    මෙරටින් කොවිඩ්-19 වැළඳුනු තවත් 157 ක් අද හඳුනා ගනු ලැබීය. ඔවුන් පෑලිය‌ගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. රෝගයෙන් සුවය ලබා අද පිටව ගිය පිරිසට 404ක් ඇතුළත්.

    මෙරට ඊයේ පීසීආර් පරීක්ෂණ 10,713ක් සිදු කෙරිණ. මෙතෙක් සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව හය ලක්ෂ අසූ දෙදහස් 211ක්.

    රිජ්වේ ආර්යා ළමා රෝහල ආශ්‍රිතව කොවිඩ්-19 රෝගීන් 60ක් මේ වනවිට හඳුනා ගෙන තිබේ. ඉන් 16ක් කාර්ය මණ්ඩල සාමාජිකයන්. අනෙක් 44 දෙනා ප්‍රතිකාර සඳහා පැමිණි දරුවන් සහ මව්වරුන්. මේ වනවිට ආශ්‍රිතයන් 80ක් නිරෝධායනයේ පසුවේ.

    රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ්-19 තවත් රෝගීන් දස දෙනෙකු හඳුනා ගනු ලැබීය. ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් වාර්තා වූ රෝගීන්ගේ දෙවැනි පෙළ ආශ්‍රිතයින්. ඒම පිරිස උඳුගොඩ සහ රඹුක්කන කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය යෙත යොමු කෙරිණ.

    කුරුණෑගල නියෝජ්‍ය තැපැල් කාර්යාලයෙන් කොවිඩ්-19 රෝගීන් 6ක් වාර්තා වී තිබේ. ඒ් අනුව, ඒම ස්ථානය සහ ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගැණින. මේ අතර කුරුණෑගල නගරයේ අහඹු ලෙස තෝරාගත් 85 කගේ පීසීආර් පරීක්ෂණ ද සිදු කෙරිණ.

    බස්නාහිර පළාතේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඒම ප්‍රදේශවල ගමනා ගමනය ඇතුළු අනෙකුත් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි. කෙසේ වුවද, බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ 24ක් තවදුරටත් පවතින්නේ, හුදෙකලා තත්වයේ.

    කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 17ක් සහ ගම්පහ දස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍ර දේශ 7ක් ඊට ඇතුළත්. මරදාන, කෙසෙල්වත්ත, වේල්ලවීදිය, කොටුව, පිටකොටුව සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වල පිහිටා ඇති රාජ්‍ය, අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත ආයතන සහ ඒ්වායෙහි මූලස්ථාන පවත්වාගෙන යා හැක.

    කොළඹ සහ පිටකොටුව යන පොලිස් වසම්වල පිහිටා ඇති මධ්‍යම බස්නැවතුම්පොළ, පුද්ගලික බස්නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානවල සේවා සාමාන්‍ය පරිදි සිදු කෙරේ.

    මේ අතර, මුහුණු ආවරණ පැළඳීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම නොසලකා හැරි 27ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ්, අද උදේ 6න් අවසන් වූ පැය 24ක කාලය තුලය. ඉකුත් ඔක්තෝබර් 30 සිට මේ දක්වා ඒ් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 290ක්.

    සංචාරණ සීමා කර ඇති ප්‍රදේශවල ජනතාවගේ හැසිරීම නිරික්ෂණයට ගුවන් හමුදා ඩ්‍රෝන ඒ්කකය සහ විශේෂ කාර්ය බලකාය ඒක්ව මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. අද වත්තල ප්‍ර දේශයේ ද මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණු අතර, වත්තල පොලිසිය සහ බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් ඊට ඒක්ව සිටියහ. ලබාගත් තොරතුරු මත 19කට ඒරෙහිව නෛතික පියවර ගෙන තිබේ.

    Latest News