පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ජාව හෙට (18)

නොවැ 17, 2020

    පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ලබන 23 වැනිදා පාසල් විවෘත කිරීම සම්බන්ධ තීරණය පිළිබඳ සමාලෝචනය කරනු ඇති බවයි.

    එහිදී කොවිඩ් කාර්ය සාධක බලකායේ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේය.

    එම සාකච්ඡාවෙන් අනතුරුව දැනට සැලසුම් කර ඇති පරිදි පාසල් ලබන 23 වැනිදා විවෘත කරන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති.

    මේ අතර පාසල් වසා ඇති කාලය තුළ සිසුන්ට ඔන්ලයින් ඔස්සේ ඉගැන්වීම් හා පැවරුම් මගින් අධ්‍යාපන කරුණු පිළිබඳව අවබෝධයක් ලබාදීමේ වැඩසටහන අඛණ්ඩ ක්‍රියාත්මක බව ද ලේකම්වරයා පැවසුවේය.

    Last modified on අඟහරුවාදා, 17 නොවැම්බර් 2020 19:38

    Latest News