රතු පරිප්පු සහතික මිලකට අලෙවි කිරීම ඇරඹේ

නොවැ 13, 2020

    සහතික මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට සතොස වෙළෙදසැල් මඟින් ලබාදීමට අවස්ථාව සළසා දෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    රාජ්‍ය අංශයේ ආයතන අතර ද වෙළෙදපොල තරගකාරීත්වයක් ඇති වූ විට එහි වාසිය ද පාරිභෝගිකයාට හිමිවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

    ඕස්ට්‍රේලියානු රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 150 ක සහතික මිලකට රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් අලෙවි කිරීම නිල වශයෙන් වෙළෙද අමාත්‍යාංශයේ දී ආරම්භ කෙරුණා.

    ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

    දේශීය ව්‍යාපාරිකයින් දිරි ගැන්වීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ද මීට සමගාමීව ක්‍රියාවට නැංවුණා.

    Latest News