රිෂාඩ් බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්

නොවැ 13, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    ඒ නොවැම්බර් 25 වනදා දක්වාය.

    පසුගිය ජනාධිපතිවරණ සමයේ අවතැන්වූ පුද්ගලයින් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පුත්තලමේ සිට මන්නාරමට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ යොදා ගනිමින් ප්‍රවාහනය කළ බවට රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ලවී තිබිණ.

    ඒ අනුව ඔහු පසුගිය 19 වනදා දෙහිවල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

    Latest News