ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කෙරේ

නොවැ 11, 2020

    කොවිඩ්-19 පැතිරීම පාලනය සඳහා පොලිස් වසම් 27ක්, ග්‍රාමසේවා වසම් 5ක් සහ කොළඹ නාගරික මහල් නිවාස සංකීර්ණ 5ක් තවදුරටත් හුදෙකලා කර පවත්වාගෙන යන බව, පොලිසිය සඳහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ, අත්‍යවශ්‍ය සේවා සඳහා ඒම ප්‍රදේශවලට ඇතුළුවීමට හා සේවා සඳහා ප්‍රදේශවලින් බැහැරවීමට අවසර හිමිවන බවයි.

    ආර්ථිකය ශක්තිමත් කිරීමේ මෙහෙවරේ යෙදී සිටින ආයතන හා පුද්ගලයන් සඳහා ද හුදෙකලා කර ඇති ප්‍ර දේශවලට ඇතුළුවීමේ අවස්ථාව හිමිවේ. අනෙකුත් අවශ්‍යතා සඳහා ආයතන හා පුද්ගලයන්ට ඒම ප්‍රදේශවලට ඇතුලුවීමට සහ පිටවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය අවශ්‍ය බව පොලිසිය පවසයි.

    හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා සඳහා ගිලන් රථයක් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්, ඊට නව දුරකතන අංකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා‌ දෙනු ලැබීය.

    ඒ් අනුව 011 3 422 558 ඇමතීමෙන් ඒම ප්‍රදේශවල අයෙකුට හදිසි රෝහල් ගතවීමක් සඳහා අවශ්‍ය ගිලන් රථ පහසුකම් සපයාගත හැක.

    Latest News