ගොවීන්ගේ අස්වනු තොග ආර්ථික මධ්‍යස්ථානවලට

නොවැ 11, 2020

    රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ ද, තොග සහ සිල්ලර වෙළෙඳාම සෞඛ්‍යාරක‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කෙරේ.

    ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ඒළවළු සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග, අපතේ යාමකින් තොරව, වෙළෙඳුන් විවිධ ප්‍ර දේශ කරා රැගෙන යන බව, කළමනාකාරිත්වය පවසයි. සාධාරණ මිල ගණන් යටතේ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි වනබව වෙළෙඳුන් ප්‍රකාශ කළේය.

    දිවයින පුරා සිටින ගොවීන්ගේ අස්වනු තොග ගැටලුවකින් තොරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙමින් පවතී. වෙනදා තරම් නොමැති වුණත්, විවිධ ප්‍ර දේශවලින් ගැනුම්කරුවන් ඒළවළු රැගෙන යන බව අප වාර්තාකරු පවසයි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන ඒළවළු තොග ඉවත දමන බවට වාර්තා පළ වුවද, ලැබෙන සියලු ඒළවළු තොග ගැනුම්කරුවන් විසින් විවිධ ප්‍රදේශවලට රැගෙන යන බව වෙළෙඳුන් ප්‍රකාශ කළේය.

    Latest News