නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ දෛනික වෙළෙඳාම මේ වනවිට ඉහළට (වීඩියෝ)

නොවැ 11, 2020
  • නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ දෛනික වෙළෙඳාම මේ වනවිට ඉහළ ගොස් තිබේ.

    නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු වෙළෙඳුන් සහ ගැනුම්කරුවන් විශාල පිරිසක් ඒම ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණෙමින් සිටී. බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳුන්ට ගනුදෙනු කිරීමේ අවස්ථාව හිමිවිය. බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඒළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සිදු කෙරිණ.

    මේ දිනවල කොළඹ මැනිං වෙළෙඳපොළ වසා තැබීම හේතුවෙන් බොහෝ වෙළෙඳුන් මෙහි පැමිණෙන බව, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය පවසයි. නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින්, සිල්ලර සහ තොග වෙළෙඳාම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය තුළ සාර්ථකව සිදු කෙරේ.

    Last modified on බදාදා, 11 නොවැම්බර් 2020 20:06

    Latest News