සුවය ලැබූ සමස්තය 9,537ක්

නොවැ 11, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුනු 9,537 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇතැයි,කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඉන් 6,026 දෙනෙක් දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. සුවය ලබා රෝහල්වලින් ඊයේ පටව ගිය පිරිසට 657 දෙනෙක් ඇතුලත්.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ,වැලිකන්ද සහ පූනානි යන කොවිඩ්-19 අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර සිටින අයගෙන් තවත් 40 දෙනෙක් පූර්ණ සුවය ලබා එම ස්ථානවලින් පිටව ගියේය. ඔවුන් කොළඹ,ගම්පහ,මහනුවර,නුවරඑළිය,අම්පාර කල්මුණේ ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්.

    Latest News