ළමුන් අතර කොවිඩ් පැතිරීම ඉහළට - විදෙස් මාධ්‍ය

නොවැ 10, 2020

    පසුගිය සතිය තුළදී ළමුන් 74,000කට වැඩි පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එක් සතියකදී අමෙරිකාවේ වාර්තා වූ ඉහළම ළමා ආසාදිතයන් සංඛ්‍යාව මෙය බව ළමා රෝග පිළිබඳ අමෙරිකානු ඇකඩමිය පෙන්වාදෙයි.

    අමෙරිකාවේ සමස්ථ ආසාදිතයන් අතරින් සියයට 11 ඉක්මවූ ප්‍රතිශතයක් ළමුන් බවද එම ආයතනය සඳහන් කරයි.

    නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඩන්, ශීත ඍතුවේදී කොවිඩ් ව්‍යාප්තිය තවත් දරුණුවිය හැකි බැවින් ආරක්ෂිත මුහුණු ආවරණ පළඳින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    .

    Latest News