වරාය නගර ගොඩකර අවසන්

ජන 16, 2019

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මුහුද ගොඩකිරීම අවසන් කෙරේ. ඉදිකිරීම් බාර වයිනා හාබර් ඉංජිනේරු සමාගම, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඒ බව, අද නිල වශයෙන් දැනුම් දුන්නේය.

    මේ යටතේ, මුහුදේ හෙක්ටයාර 269ක් වැලි පුරවා අවසන් කෙරිණ. ඒ සඳහා වැලි ඝනමීටර් මිලියන 65ක් ගැඹුරු මුහුදේ සිට වරාය නගරය වෙත පොම්ප කරනු ලැබීය. ඊට ගතවූ කාලය මාස 28කි. සමස්ත ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් වැය කෙරේ. පරිසර හිතකාමී ලෙස ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර, වෙරළේ සිට කිලෝමීටර 7.5ක දුර මුහුදු කලාපයේ මීටර 15 හා ඊට වැඩි ගැඹුරකින් යුතු ස්ථානවලින් වැලි රැගෙන එනු ලැබීය. ව්‍යාපෘතිය නිම කිරීමේ දී ධීවර ප්‍රජාව ඇතුළු සෑම පාර්ශවයකම අදහස් විමසීමට පියවර ගැනිණ. මෙහි අනු කලාප 05ක ඉදිකිරීම් සිදු කෙරේ. උද්‍යාන ආශ්‍රිත වාසය, ජාත්‍යන්තර දිවයින, සැහැල්ලු යාත්‍රාංගනය ඇතුළු සුවිශේෂී අංග රැසක් ඊට අයත්ය. නගරයේ ඉදිකිරීම් අවසන් වන විට භාවිතයට ගත හැකි ඉඩම් ප්‍රමාණය වර්ග මීටර මිලියන 5.6ක් වන අතර, එහි ලොව ඉහළම ශ්‍රේණිගත මට්ටමේ කාර්යාල පහසුකම් අති නවීන සෞඛ්‍ය පහසුකම් සහිත රෝහල්, බහුවිධ සේවා සංචාරක නිකේතන, ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම සහිත සාප්පු සංකීර්ණ ඉදිවනු ඇත. ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ෂු ආන් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය. කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා නව වෙරළ නගරයක් ද නුදුරේ දී ඉදිකිරීමට පියවර ගන්නා බව, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙහි දී කියා සිටියේය.

    port city

    ddddddddw

    portcity 2

    prtew

    swerat

    Last modified on බදාදා, 16 ජනවාරි 2019 14:35

    Latest News