අනවසරයෙන් අැතුල් වූ අලියාට ලැබුණ දඬුවම

ජන 16, 2019

    වගාවේ ආරක්ෂාව සඳහා විදුලි බල්බයක් දැල්වීම සඳහා සවිකර තිබූ වයර්යක් සපා කෑමෙන් විදුලි සැර වැදී සීගිරිය මහසෙන්ගම වන අලියෙකු මියගොස් තිබේ.

    විදුලි සැර දමා වන අලියකු ඝාතනය කොර ඇති බවට සීගිරිය වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත නිවසක් ආසන්නයේ පරීක්ෂා කිරීමේදී මේ බව සොයා ගෙන ඇත.

    වනජීවී නිලධාරීහු මෙහි සිදු කළ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ නිවස අවට බෝග වගාව ආරක්ෂා කිරීම සඳහා විදුලි බල්බ රැසක් රාත්‍රී කාලයේ දල්වා තිබෙන බවයි. එවැනි විදුලි බල්බයක් දැල්වීම සඳහා යොදා තිබූ වයරයක් මෙම වන අලියා හපා ඇති අතර එහිදි විදුලි සැර වැදි මියගොස් ඇති බව පරීක්ෂණවලදී තහුරුවී ඇත.

    විදුලිසැර වැදීමෙන් අලියා මියයාම සම්බන්ධයෙන් විදුලිය එම නිවෙස් හිමියා සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු පවසති. මියගිය අලියා අවුරුදු හතළිහක් පමණ වන බව වනජීවී නිලධාරීහු පවසයි.

    විදුලි බල්බ දැල්වු නිවෙස් හිමි කාන්තාව හඬා වැටෙමින් කියා සිටියේ “ විදුලිය ඇද කිසිදු ආකාරයකින් වන අලින් ඝාතනය කිරීමට සිතකවත්“ නොතිබුණු බවයි. “විදුලි බල්බ දැල් වුයේ අලියාගෙන් නිවස සහ වගාව ආරක්ෂා කිරීමට“ බවත් ඇය කියා සිටි.

    Last modified on බදාදා, 16 ජනවාරි 2019 13:30

    Latest News