හඟුරන්කෙත ඓතිහාසික රජමාළිගා පරිශ්‍රයෙන් දිය අඟලක් හමුවේ

නොවැ 02, 2020

    හඟුරන්කෙත ඓතිහාසික රජමාළිගා පරිශ්‍රයේ කැණීම් වලදී දිය අගලක් හමුවී තිබේ.

    16 වැනි ශත වර්ෂයට අයත් බව සැළකෙන මහනුවර යුගයේ පාලකයෙකු වූ සෙනරත් රජතුමා ආරක්ෂාව පිණිස ඉදිකරන ලද මෙම රජමාළිගය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පසුකාලීනව වඩාත් විධිමත්ව සැකසූ බව ඉතිහාසයේ සඳහන් වේ.

    1992 වසරේ හඟුරන්කෙත රජමාළිගා පරිශ්‍රය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව 2020 වසරේ අගෝස්තු 20 වැනි දින එහි කැණීම් ආරම්භ කළේය.

    පැරණි සඳකඩපහන්, ප්‍රාකාර බැම්ම, භූ ගත කාණු පද්ධතිය හා පාදමක් ද මෙහිදී සොයා ගැණින.

    නවතම කැණීම් වලදී හමුවූ දිය අඟල මාළිගා පරිශ්‍රයේ තිබූ වැවකින් ජලය ලබා ගැනීම සඳහා යොදා ගන්නට ඇති බවටයි විශ්වාස කරන්නේ.

    පාදම හා දෙපස ගල් පතුරු යොදා සැකසූ උමං පද්ධතියේ කොටස් ද කැණීම් වලදී හමුවී තිබේ.

    Latest News