අද කාළගුණය - සවස් කාලයේ තද වැසි

නොවැ 02, 2020

    ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

    ඇතැම් ස්ථාන වලට විශේෂයෙන්ම ඌව පළාතේත් ත්‍රීකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මි.මි.50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකයි. 

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

    Latest News