උසස් පෙළ විභාග කාර්ය මණ්ඩලයට විශේෂ ප්‍රවාහන දීමනාවක්

නොවැ 02, 2020

    නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ විභාග අපෙක්ෂකයින් හා විභාග කාර්යය මණ්ඩල සඳහා විභාග ශාලාවෙත පැමිණීමේ දී නිරෝධායන ඇඳිරිනීතිය බාධාවක් නොවන බවයි.

    එසේම නිරෝධායන ඇඳිරිනීතිය පැවැත්වෙන ප්‍රදේශවල විභාග කාර්යය මණ්ඩලය සඳහා විශේෂ ප්‍රවාහන දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේය.

    Latest News