රටවැසි, ලෝවැසි ජනතාවට සෙත් පතා රතන සූත්‍ර පිරිත් සජ්ජායනාවක් ...

නොවැ 01, 2020

    කොවිඩ් 19 වසංගතයට මුහුණ පා සිටින රටවැසි සහ ලෝවැසි ජනතාවට සෙත් පතා පස් දින රතන සූත්‍ර පිරිත් සජ්ජායනාවක් සංවිධාන කෙරිණ.

    නාරාහේන්පිට, දාඹරේ මාවත ශ්‍රී ගෞතම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පුරා දින 05ක් රතන සූත්‍ර පිරිත් දේශනය පැවැත්විණ.

    එහි අවසාන දිනය ඊයේට (31) යෙදී තිබූ අතර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ඊට එක්ව සිටියහ.

    Latest News