නිරෝධායන පවුල්වලට රු. 10,000ක්; බස්නාහිර පළාතට රු. 5000 යළිත්

නොවැ 01, 2020

    සියළුම දිස්ත්‍රික්කවල නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රුපියල් 10,000ක ආහාර මල්ලක් නොමිලයේ ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ බස්නාහිර පළාතේ ජනතාව සඳහා රුපියල් 5000 දීමනාව යළි ලබාදීම ද සිදු කෙරේ.

    බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජීවනෝපාය අහිමි වු සහන ලැබිය යුතු බවට හඳුනාගත් පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබාදේ.

    සිය නිවෙස්වල නිරෝධායනයට යොමුකර ඇති පවුල් සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණය අනුව රුපියල් 10,000ක සහන මල්ල ලබාදීම සිදු කෙරේ.

    මෙම කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, ග්‍රාමීය කටයුතු සහ ආරක්‍ෂක අංශ විසින් සම්බන්ධීකරණය කරනු ලබයි.

    බස්නාහිර පළාතේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් කරා ගොස් අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ද මෙම කාලය තුළ ක්‍රියාත්මකයි.

    කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ වනවිට ස්වයං නිරෝධායනයේ පසුවන පවුල් සංඛ්‍යාව 5292ක්. ඊට පුද්ගලයින් 19,000කට අධික සංඛ්‍යාවක් අයත්. ආහාර මළු ලබාදීමට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 75ක්.

    Latest News