ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත්කෙරේ.

ඔක් 30, 2020

    පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වු 20 වන ව්‍යවස්ථා සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ දින අත්සන් තැබීමත් සමග එය ක්‍රියාත්මක විය.

    ඒ අනුව පත් කරනු ලබන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා කතානායකවරයා විසින් පත් කර ඇත.

    20 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමග 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනසකට ලක්වේ. මේ අනුව ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස්වේ. ඒ අනුව එහි සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළුව අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන නියෝජිතයෙකු, කථානායක විසින් පත්කරන නියෝජිතයෙකු හා විපක්ෂ නායකවරයා විසින් පත් කරන නියෝජිතයෙකුගෙන් ව්‍යවස්ථාදායක සභාව සමන්විත වේ.

    මේ අනුව ව්‍යවස්ථාදායක සභාවේ අගමැතිවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයෙකු ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත් කර ඇත.

    Latest News