මාන්තෙයි ලුණු සමාගමේ ලුණු මිළ අඩුකිරීමට පියවර - අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

ඔක් 30, 2020

    මාන්තෙයි සෝල්ට් සමාගම විසින් 2020.10.26 වන දින සිට ලුණු මිල වැඩි කිරීමට තීරනය කර ඇති බැවින් උතුරු පළාතේ ජනතාවට බොහෝ සේ ගැටළු මතුවී තිබුණි.

    විශේෂයෙන් කරවල නිෂ්පාදනය සඳහා ලුණු අවශ්‍ය බැවින් ලුණුමිල ඉහළ දැමීමෙන් කරවල නිශ්පාදනය කිරීමට අපහසු බව ධීවර ජනතාව විසින් අමාත්‍යවරයාට දන්වා තිබිණි.

    මේ පිළිබදව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ අවධානය යොමු කර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවී ලුණු මිළ අඩු කර දෙන ලෙස ඉල්ලා සිටියේය.

    විශේෂයෙන් මෙම කාලය තුළ මාළු අස්වැන්න ඉහළ යන බැවින් එම මාළු කොවිඩ් වසංගතය හේතුවෙන් අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බැවිනුත් විකිණීමට නොහැකි මාළු කරවල කිරීම සඳහා ලුණු අත්‍යවශ්‍යවී ඇති බවත් ලුණු මිළ අඩු කිරීමට අවශ්‍ය කටයුතු කර දෙන මෙන් ඉල්ලා සිටින ලද අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මාන්තෙයි සෝල්ට් සමාගමේ සභාපතිවරයා දැනුවත් කර ලුණු මිල අඩු කිරීමට පියවර ගන්නා ලදී.

    Latest News