ජනාධිපති කාර්යාලයේ මහජන සේවා අඛණ්ඩව

ඔක් 29, 2020

    කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වුවද ජනාධිපති කාර්යාලයේ සිදුකෙරෙන මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, කොවිඩ් පැතිරයාම පාලනයට පනවා ඇති සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගනිමින් දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල ඔස්සේ ජනතා ඉල්ලීම් ඉදිරිපත් කිරීමට සහ ඉටුකිරීමට අවස්ථාව සළසා ඇති බවය.

    ඒ අනුව, ජනාධිපති කාර්යාලය මහජන සම්බන්ධතා අංශය 0114 - 354 550 සහ 0112 - 354 550 යන දුරකථන අංක මගින් ඇමතිය හැකි අතර 0112 - 338 073 යන දුරකථන අංකයෙන් ඔම්බුඩ්ස්මන් කාර්යාලය ඇමතිය හැකි වේ.

    Latest News