මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අද වැසේ

ඔක් 29, 2020

    මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඔක්තෝබර් 29 වැනි දින සිට නොවැම්බර් 02 වැනි දින දක්වා වසා දැමීමට තීරණයක් ගෙන ඇති බව, එහි කළමණාකරු ලසන්ත සංජීව පවසයි.

    ඊයේ (28) දින ලොරි රථ 30 කට ආසන්න ප්‍රමාණයකින් එළවළු ආදි ද්‍රව්‍ය ගෙනැවිත් ඇති හෙයින් අද (29) සිට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කර ඇති බව හෙතෙම පැවසීය.

    මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ මහතෙකුට කොරෝනා වයිරසය ආසාදනයවීම හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි කළමණාකරු පවසන්නේ.

    Latest News