ඇඳිරි නීතිය කාළයේ ඒකරාශීවීම් තහනම්

ඔක් 28, 2020

    බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය පනවනු ලබන කාල සීමාව තුළ කිසිදු විවාහ උත්සවයක්, ප්‍රදර්ශණයක් හෝ මහජනතාව ඒකාරාශි වන කටයුතු තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

    මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ කිසිදු උත්සවයක් සඳහා අවසර ලබාදීමක් සිදුනොකරන බවයි.

    එමෙන්ම හෙට මධ්‍යම රාත්‍රීයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු බස්නාහිර පළාතට අතුල්වීමට හෝ ඉන් පිටවීමට කිසිදු අයෙකුට අවසර හිමිනොවන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

    Latest News