ගම්පහ රු. 5000 හිමි නොවූ පවුල් සඳහා ප්‍රතිපාදන වෙන් කෙරේ

ඔක් 28, 2020

    ගම්පහ දිස්ත්‍රික්කයේ රුපියල් 5000 දීමනාව හිමි නොවූ පවුල් සඳහා එය ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන රජය වෙන්කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    එම පවුල් සංඛ්‍යාව හාර ලක්‍ෂ 64,254ක්. දීමනාව ලබාදීමට රුපියල් කෝටි 232කට අධික මුදලක් වෙන්කර තිබේ.

    මීට අවශ්‍ය ප්‍රතිපාදන අදියර කිහිපයක් යටතේ වෙන් කරන බවත්, ඒ අනුව අදාළ ගෙවීම් සිදුකරන බවත්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ආර්ථික පුනර්ජීවන කමිටුවේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කෙරුණු බව ද ඔහු කියා සිටියේය.

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ප්‍රකාශ කළේ, ලබන ඉරිදා වනවිට අදාළ ගෙවීම් ආරම්භ කළ හැකි බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ යන පොලිස්බල ප්‍රදේශවල පවුල් අසූ දහසක් සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීම ඉකුත් සිකුරාදා වනවිට අවසන් කෙරිණ. රජය ඊට වැයකළ මුදල රුපියල් මිලියන 400ක්.

    Latest News