මත්ස්‍ය තොග සියල්ල මිලට ගැනීමට රජය තීරණය කරයි

ඔක් 28, 2020

    නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අලෙවි කිරීමට නොහැකිව ධීවරයින් සතුව පවතින මාලූ තොග සියල්ල ඉදිරි දින 4ක් තුළ මිළදී ගෙන අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

    මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් පසු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළ ආශ‍්‍රීතව කොරෝනා පොකුරක් බිහිවීමත් සමඟ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනීමට ගැටළු මතුවිය.

    ඊට එක් හේතුවක් වූයේ ප‍්‍රධාන වරායන් ආශ‍්‍රිත ධීවර කටයුතු තාවකාලිකව නතර කිරීමයි.

    මෙලෙස මිලදී ගන්නා මත්ස්‍ය තොග ඉදිරියේදී සැමන් නිෂ්පාදනයට යොදා ගන්නා බව බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් හමුවීමෙන් පසු වසා දැමුණු බේරුවල ධීවර වරාය ඊයේ විවෘත කෙරුණේ දින 06කට පසුවයි.

    කෙසේවෙතත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය යළි විවෘත කරන දිනයක් මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නොමැත.

    Latest News