විශ්‍රාම වැටුප නිවසටම දීමට වැඩපිළිවෙළක්

ඔක් 28, 2020

    උද්ගතව ඇති කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගත යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    මෙරට වැඩිහිටි ජනතාව රැක ගැනිීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති සභාපතිවරයා මහජනාධාර සහ විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට සහ තැපැල්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

    එමෙන්ම නිවෙස් වල නිරෝධායනයට යොමුකර ඇති පවුල් සඳහා සති දෙකකට සරිලන පරිදි බඩු මල්ලක් ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.

    එමෙන්ම ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවදානය යොමුවී ඇති අතර, සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශවල පවුල් සඳහා සඳහා රුපියල් 5000 බැගින් ලබාදීමට ද පියවර ගෙන තිබේ.

    Latest News