බොරු උපාධියෙන් සතොස රැකියා කර මාට්ටු

ජන 15, 2019

    ව්‍යාජ උපාධි සහතියකින් සමූපකාර තොග වෙ‍ළඳ සංස්ථාවේ අළෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරක් දැරීමේ සැකයට අත්අඩංගුවට ගත් අයෙකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂ 2ක ඇපයක් මත මුද හැරිමට නියෝග කෙරිණ.

    එ සම්බන්ධයෙන් වරද පිළිගැනීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට තිරණය කළේය.

    විවිධ පුද්ගලයින් ව්‍යාජ සහතික ඉදිරිපත් කර සතොස රැකියා ලැබ, ඇති බවට වංචා විමර්ශන කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    සිදු කළ විමර්ශනයට අනුව සැකකරු ඉදිරිපත් කර ඇති උපාධි සහතිකය ව්‍යාජ එකක් බවත් එම සහතිකයට අනුව එය නිකුත් කර ඇත්තේ වෙනත් පුද්ගලයකුට බවත් තහුරුවි තිබේ.

    ඉදිරි විමර්ශන සිදු කර ලබන 22 දා කොටුව අධිකරණයට වාර්තා කරන්නැයි වංචා විමර්ශණ කොට්ඨාසයට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    Latest News