ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 10 ඉක්මවයි

ඔක් 24, 2020

    ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 10 ඉක්මවා තිබේ.

    යුරෝපා රටවල් අතරින් දෛනිකව වාර්තාවන ආසාදිතයන් වැඩිම යුරෝපා රට වන්නේ ද ප්‍රංශයයි.

    ප්‍රංශයෙන් දෛනිකව ආසාදිතයන් 40,000කට වැඩි පිරිසක් වාර්තාවේ. ප්‍රංශ අගමැති එම්මානුවෙල් මැක්රෝන් පවසන්නේ, රට තුළ වසංගත තත්වය ලබන වසර මැද බාගය වනතුරු පැවතිය හැකි බවයි.

    එමෙන්ම, ස්පාඤ්ඤය ද ලොව වැඩිම ආසාදිතයන් වාර්තාවන රටවල් අතර පස්වන ස්ථානයේ පසුවේ. යුරෝපීය රටක් වන ස්පාඤ්ඤයේ ද සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11ස් ලක්‍ෂ දස දහස ඉක්මවා ඇති අතර, දෛනිකව ආසාදිතයන් වාර්තා වන්නේ, ප්‍රංශයට වඩා අඩු අගයකින්.

    ඉතාලියෙන් ද යළිත් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවේ. එයින් දෛනිකව ආසාදිතයන් 20,000කට ආසන්න පිරිසක් හඳුනා ගැනේ.

    මේ නිසා ඉතාලියේ, රෝමය ඇතුළු ප්‍රදේශ කිහිපයකටම ඇඳිරි නීතිය ඇතුළු සෞඛ්‍ය නීති රීති පනවා තිබේ. ඉතාලියේ මේ වනවිට ආසාදිතයන් හාර ලක්‍ෂ 84 දහස ඉත්මවා ඇති බව වාර්තාවේ.

    වෛරසය ප්‍රබල ලෙස පැතිර යන අමෙරිකාව, ඉන්දියාව වැනි රටවල් ද ඇතුළුව ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව හාර කෝටි 24 ලක්‍ෂ 88 දහස ඉක්මවා ගොස් තිබේ. වෛරසය හේතුවෙන් ගෝලීය වශයෙන් මියගිය සංඛ්‍යාව 11ස් ලක්‍ෂ 49,229ක් ලෙස වාර්තාවේ.

    Latest News