ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීම හෙට සිට - විභාග කොමසාරිස්

ඔක් 21, 2020

    මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) දිනයේ සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ හැර සෙසු ප්‍රදේශවල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන බවයි.

    හෙට දිනයේ සිට ලබන 27 වන දින දක්වා ඇගයීම් මධ්‍යස්ථාන 39ක ඇගයීම් මණ්ඩල 391ක පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු සිදුකිරිමට නියමිතයි.

    සියලුම පරීක්ෂකවරුන් වෙත පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා ඇගයීම් මණ්ඩල වෙතට වාර්තා කිරීම සඳහා කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දී තිබේ.

    මේ සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 0112 785 231 , 0112 785 216, 0112 784 037 යන දුරකථන අංක මඟින් විමසීමක් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

    Latest News