කුලියාපිටියේ විභාග ලියන සිසුන්ට බාධාවකින් නෑ - විභාග දෙපාර්තමේන්තුව

ඔක් 21, 2020

    කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 5 කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණ ද උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බාධාවකින් තොරව විභාගයට පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතා සඳහන් කළේ, ඒ සඳහා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බවයි.

    කෙසේ වෙතත් ලබන 22 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ඇගයීම් කටයුතු කුලියාපිටියේ හා ගම්පහ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ක්‍රියාත්මක නොවන බව ද ඔහු පැවසීය.

    Latest News