ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් රු. මි. 15ක මුදලක්, ඉටුකම අරමුදලට

ඔක් 19, 2020

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයෝ සිය දිනක වැටුප එක්කොට රුපියල් මිලියන 15ක මුදලක්, ඉටුකම කොවිඩ් - 19 අරමුදල සඳහා අද (19) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යතුමාට භාර දුන්හ.

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සියලුම කාර්යය මණ්ඩලය හා කළමනාකාරීත්වය නියෝජනය කරමින් ඊට අදාළ චෙක්පත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වූයේය.

    ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින් 7500 ක් දායකත්වය දක්වා තිබේ.

    මෙම අවස්ථාව සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග, හිටපු සාමාන්‍යාධිකාරී ආර්.එ‍ච්.රුවිනස්, අතිරේක සාමාන්‍යාධිකාරී (මානව සම්පත් කළමනාකරණ) ජී.කේ. ඉද්දමල්ගොඩ මහත්වරු එක්ව සිටියහ.

    Latest News