ජීනා මැඩම්ට බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම්

ඔක් 19, 2020

    ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කාන්තාවන් පස් දනෙකු රඳවාතැබීම ඇතුළු චෝදනා 5කට වරදකාරිය කළ කාන්තාවකට බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර දහයකට අත්හිටුවීමට නියම කර තිබේ.

    රෝස්මෙරි ජූඩ් ෆිලීෂියා පෙරේරා හෙවත් ‘ජීනා මැඩම්‘නැමැති විත්තිකාරියට මෙසේ දඬුවම් නියම විය.

    අත්හිටවු සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ පහක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව වසර 5ක සිර දඬුවම් නියම කරන බව සිය තීන්දුවේ සඳහන් කළේය.

    2010 වසරේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කාන්තාවන් පස්දෙනෙකු රඳවාගැනීම ඇතුළු චෝදනා පහක් යටතේ මෙම විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර තිබුණි.

    එම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාරිය වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය.

    ඉන් අනතුරුව කොළඹ මහාධිකරණය එම සිරදඬුවම නියම කර තිබේ.

    Latest News