සත්ව ආහාරයට යැවු කිරිපිටි; විකිණීමට ඇසුරුම් කර මාට්ටු (වීඩියෝ)

ජන 12, 2019
  • අඹේවෙල කිරි පිටි කර්මාන්ත ශාලාවෙන් සත්ව ආහාර පිණිස නිකුත් කළ කිරි පිටි තොගයක් කුලියාපිටියේ දී පුද්ගල පරිභෝජනය සඳහා ඇසුරුම් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනේ.

    වැටලීම කරන ලද්දේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසිනි. අඹේවෙල කර්මාන්ත ශාලාව මගින් පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට කිරි පිටි මෙට්‍රික් ටොන් 720ක් අලෙවි කර තිබේ.

    ඔහු ඉන් මෙට්‍රික් ටොන් 200ක් සත්ව ආහාර නිෂ්පාදනය කරන තම ගබඩාව වෙත ගෙනවිත් පසුව ව්‍යාජ ලේබල් සහිත මලුවලට ඇසුරුම් කර ඇත. පාරිභෝගික අධිකාරිය පවසන්නේ, ඒ අතරින් මෙට්‍රික් ටොන් 40ක් මේ වනවිටත් යෝගට්, අයිස්ක්‍රීම් සහ බිස්කට් සඳහා නිකුත් කර ඇති බවයි.

    සෙසු කිරි පිටි තොගය පාරිභෝගික අධිකාරිය යටතට ගනු ලැබීය. සමස්ත කිරිපිටි තොගය රුපියල් කෝටි 100කට අධික බව, පාරිභෝගික අධිකාරිය පවසයි.

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 20:43

    Latest News