භාණ්ඩ අලෙවි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරෙයි

ඔක් 23, 2018

    විදෙස් පාරිභෝගිකයින්ට ඉලෙක්ට්‍රොනික ක්‍රම ඔස්සේ සෘජුවම භාණ්ඩ අලෙවි කිරීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට අවස්ථාව හිමිව තිබේ.

    ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇත.

    මෙරට පාරිභෝගිකයින්ට විදේශ සමාගම් වෙතින් සෘජුවම භාණ්ඩ මිලදී ගත හැකිය.

    නමුත්, විදෙස් පාරිභෝගිකයින්ට භාණ්ඩ යැවීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවස්ථාව හිමිව තිබුණේ නැහැ. ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව, භාණ්ඩ අපනයනය කිරීමට හැකිවේ. ගනුදෙනුවක උපරිමය අමෙරිකානු ඩොලර් 3000ක්. යවන සියලු භාණ්ඩවල තොරතුරු මසක් තුළ ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කළ යුතුය.

    දේශීයව නිෂ්පාදනය කළ හැකි ධාන්‍ය වර්ග ආනයනයට බලපත්‍ර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    එය ලබන වසරේ සිට ක්‍රියාත්මකයි. දේශීය ගොවියා ආරක්‍ෂා කරගැනීම අරමුණය.

    මෙවැනි ධාන්‍ය වර්ග රැසක් ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්තානය වැනි රටවලින් ආනයනය කෙරේ. ඒ සඳහා විශාල විනිමයක් ද වැය කෙරිණ.

    Latest News