පත්වීම් ලිපි ප්‍රදානය අගමැතිගේ ප්‍රධානත්වයෙන්

ඔක් 23, 2018

    බිම් මට්ටමේ ව්‍යාපෘති ලක්‍ෂයක් මේ වනවිට ක්‍රියාත්මක වන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මෙය, ඉතිහාසයේ එක් කාලයක බිම් මට්ටමින් සිදුවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතියයි.

    අග්‍රාමාත්‍යතුමා මේ අදහස් පළ කළේ ග්‍රාම නිලධාරීන් හා පරිපාලන ග්‍රාම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට ඊයේ (22) එක්වෙමිනි.

    ග්‍රාම නිලධාරීන් 378 දෙනෙකුට සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් 104 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමිණ. ග්‍රාම නිලධාරීන් 2,500ක් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ මෙය සිදු කෙරිණ.

    පළමු අදියරේ දී 1,664 දෙනෙකුට පත්වීම් ලබාදී තිබේ.

    අද ක්‍රියාත්මක වූයේ දෙවැනි අදියරයි. තුන්වැනි අදියරේදී 500 දෙනෙකු සේවයට බඳවා ගන්නා බව, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙහිදී පැවසීය.

    Latest News