ශ්‍රී ලංකාවේ ජපාන තනාපති සියෝන් දේවාස්ථානය නිරීක්ෂණය කරයි

ඔක් 02, 2020

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුකිරා සුහියාමා මහතා, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් හානි වූ මඩකළපුව සියෝන් දේවස්ථානය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට පසුගිය දා එක් වුණා.

    තානාපතිවරයා මඩකළපුව නගරාධිපති ත්‍යාගරාජා සරවනන් මහතා හමු වී වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කළා. තානාපතිවරයා කියා සිටියේ ඉදිරියේදී දේවස්ථානය ප්‍රතිසංස්කරණයට අවශ්‍ය සහයෝගය ලබාදීමට තමා කැමැත්තෙන් සිටන බවයි. නගරසභා බල ප්‍රදේශය තුළ පවතින අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් ද ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමු කළ නගරාධිපතිවරයා එම ගැටලු විසඳීමට සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. සුකිරා සුහියාමා මහතා ප්‍රකාශ කළේ නගර සභා බල ප්‍රදේශයේ ගැටලු විසඳීමට අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන බවයි.

    Latest News