වප්පුර පසළොස්වක පොහොය දිනය අද

ඔක් 01, 2020

    ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වප් පුරපසොලොස්වක පොහොය අදයි.

    වප් පොහොය සමග කඨින චීවර පූජා සමය ද ආරම්භ වෙයි. බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍යාරාජයාට අභිධර්මය දේශනා කොට,දඹදිව සංකස්සපුරයට වැඩම කොට මහපොළහර පෑවේ අද වැනි දිනක බව, ශාසන ඉතිහාසයේ සඳහන්. ඉන්දියාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩම කරවීමට පියවර ගැනුණේ ද වප් පොහොය දිනකයි.

    ශ්‍රී ලංකාව දහම් දිවයිනක් කළ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සහ අරිට්ඨ මහ රහතන් වහන්සේ ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීම ද වප් පොහොය හා බැඳුණු ඓතිහාසික සිදුවීම් අතර වෙයි. අධිශීල සංඛ්‍යාත භික්ෂූන් වහන්සේගේ වප් පවාරණය කරන්නේ ද වප් පොහොයත් සමගයි.

    Latest News