වියලි ගංජා 95kg සමග සැකකරුවකු STF අත්අඩංගුවට

සැප් 30, 2020

    උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ අරඹෙකෙම ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී වියළි ගංජා 95kg සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම ගංජා අතර කුඩු කළ සහ විවිධ ප්‍රමානයන්ට කපා සකස් කර තිබු ගංජා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සදහන් කළ අතර ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 62ක පුද්ගලයකු වන අතර එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා තණමල්විල පොලිසිය වෙත භාර දී ඇත.

    සැකකරු අද (30) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තණමල්විල පොලිසිය සහ උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News