පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලය අද සිට යළි විවෘතයි

සැප් 30, 2020

    පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලය අද (30) සිට යළි විවෘත කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    කොවිඩ් නයින්ටීන් හේතුවෙන් මාර්තු 14 වැනි දින සිට එය තාවකාලිකව වසා දැමීමටයි පියවර ගත්තේ.

    ජනතාවට සිදුවන අපහසුතා හේතුවෙන් යළිත් කාර්යාලයෙන් පහසුකම් ලබාගත හැකි බවයි, මූලස්ථානය පවසන්නේ.

    යුරෝපා කලාපයට සහ කොරියාවේ රැකියා අවස්ථා සදහා විදෙස්ගත වන පුද්ගලයන්ට පොලිස් වාර්තා ලබාගැනීමටයි එහිදී පහසුකම් සලසා තිබෙන්නේ.

    ගැටලුවක් නොමැති නම් දින 14 ක් ඇතුළත එය අදාළ පුද්ගලයන්ට යොමු කරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කර සිටී.

    කෙසේවෙතත් හැකි තරම් ඔන්ලයින් ක‍්‍රමයට එම පහසුකම් සලසා ගන්නා ලෙසටත් මූලස්ථානය ඉල්ලීමක් කර ඇත.

    Latest News