එහි උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඊට පෙර සියලු විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන් ලබන සතියේ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි.
විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අදාළව ප්‍රවීණතා විභාග 36 ක ප්‍රතිඵල ද මේ වනවිට නිකුත් කර අවසන්.
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 40,000 ක් පමණ වේ.
එය ගිය වසරට සාපේක්ෂව 10,000 ක වැඩි වීමක් බව ද ඇය සඳහන් කළාය.
මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ, වෛද්‍ය,ඉංජිනේරු ආදී උපාධි පාඨමාලා කිහිපයක් සඳහා මෙවර බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවා ඇති බවයි.