රක්ෂිත බන්ධනාගාර ගත කළ වෙබ් මාධ්‍යවේදියා ඇප මත මුදාහැරීමට නියෝග

සැප් 30, 2020

    අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යයි අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කළා.

    එහි අනුව සැකකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද නියෝග කළා.

    පරීක්ෂණ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙසත් එසේ බාධා සිදුකරන බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් දැනට නියම කර ඇති ඇපය අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට අවවාද කර සිටියා.

    අනතුරුව පැමිණිල්ල ඔක්තෝම්බර් මස 29 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය වෙත වාර්තා කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

    අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යැයි ඉකුත් 01 වන දා අත්අඩංගුවට ගත් මෙම සැකකරු පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

    Latest News