ඇලහැර - ගිරිතලේ අභය භූමියේ වන විනාශය නැවැත්වීමට නියෝග

සැප් 30, 2020

    ඇලහැර - ගිරිතලේ අභය භූමියේ නීතීවිරෝධී වන විනාශය වහාම නවත්වන ලෙස වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා නියෝග කර තිබේ.

    ඒ ඊයේ පස්වරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

    තම නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව අමාත්‍යවරයා පැමිණ වන විනාශය සියැසින් දැක මෙම නියෝගය නිකුත් කළ බව වනජීවී දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එන්.කේ.එස්.චන්ද්‍රරත්න මහතා පැවසීය.

    ඔහු ප්‍රකාශ කළේ, අක්කර 150 කට අධික බිම් ප්‍රමාණයක් එලෙස නීති විරෝධී ලෙස එළිපෙහෙළි කර ඇති බවයි.

    මේ පිළිබඳව ලබන 10 වැනි දිනට පෙර වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා එහිදී නියෝග කළ බව පොළොන්නරුව සහකාර වනජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එන්.කේ.එස්. චන්ද්‍රරත්න මහතා සඳහන් කරයි.

     

    Latest News