සීමාවාසික පුහුණුව නිමකළ දන්ත වෛද්‍යවරු 84කට පත්වීම්

සැප් 29, 2020

    සීමාවාසික පුහුණුව නිමකළ දන්ත වෛද්‍යවරුන් 84 දෙනෙකු ඔක්තෝබර් 2 වැනි දින සිට රාජ්‍ය සේවයට එක් වන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) ආනන්ද ජයලාල් පවසයි.

    මෙම පත්වීම් 84ත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත වෛද්‍යවරුන් 1800ක් සිටින බව ද හෙතෙම පැවසීය.

    දන්ත වෛද්‍ය පුහුණුව සඳහා වාර්ෂිකව 70ත් 80ත් අතර සංඛ්‍යාවක් බඳවා ගැනීම කෙරෙහි මේ වන විට සාකච්ඡා පැවැත්වේ. 

    පිරිමින් අතර බහුල වශයෙන් පවතින මුඛ පිළිකා මැඬපැවැත්වීම සඳහා දන්ත වෛද්‍යවරුන්ගේ උපරිම සේවාව ලබා ගැනීමට කටයුතු කරන බව වෛද්‍ය ආනන්ද ජයලාල් සඳහන් කළේය.

    රාජ්‍ය සේවයට එක්වන නව වෛද්‍යවරුන් 84 දෙනාම බස්නාහිර පළාතෙන් පිට දන්ත සේවාව අවශ්‍යව පවතින දුෂ්කර ප්‍රදේශ වෙත අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙන්නේ මේ වනවිට පුද්ගලයන් 13,000කට සිටින්​නේ එක් දන්ත වෛද්‍යවරයකු පමණක් බවයි.

    Latest News