වත්තල අවට රාත්‍රී 8.00 සිට ජල කප්පාදුවක්

සැප් 21, 2020

    වත්තල ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව වත්තල,තෙලගපාත,ඇවරියවත්ත,හේකිත්ත,පල්ලියවත්ත,වැලිඅමුණ,බලගල,ගලහදූව සහ ඇළකන්ද යන ප්‍රදේශවලට අද රාත්‍රී 8.00 සිට හෙට රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවෙනු ඇති.

    හේකිත්ත මාර්ගයේ ජලනල පද්ධතියේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවනු ඇති.

    Latest News