තල්මසුන් නැරඹීමට වේග සීමා

ජන 11, 2019

    මිරිස්ස සංචාරක කලාපය ආශ්‍රිත තල්මසුන් නැරඹීමේ බෝට්ටු සේවාව විධිමත් කිරීමට පියවර ගැනේ.

    ඒ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. සංචාරකයන්ට සේවා සැපයීමේදී මගීන්ගේ ආරක්ෂාව සහ තල්මසුන්ගේ ආරක්ෂාව වැදගත් සාධකයකි.
    බෝට්ටුවල රැගෙන යන මගීන්ට ආරක්ෂාව සැලසීම සඳහා එහි වේගය, දුර හා වරකට ප්‍රවාහනය කරනු ලබන මගී සංඛ්‍යාවේ පාලනයක් ඇති කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. ඒ අනුව කුඩා බෝට්ටුවකින් මගීන් 35දෙනෙකු සහ විශාල බෝට්ටුවක දී මගීන් 70ක් වශයෙන් නිශ්චිත ප්‍රමාණයකට යටත්ව රැගෙන යා යුතු බවට මෙහිදී අදහස් පළවිය.

    බෝට්ටු සේවා සපයන්නන්ට විශේෂ සහන රැසක් ලබා දීමට අමාත්‍යවරයා එකඟ වී තිබේ. බෝට්ටු ක්‍රියාකරුවන්ට අවශ්‍ය අත්දැකීම් හා දැනුම ලබා දීමට විදේශ පුහුණුව ලබාදීම අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරිණ.

    බෝට්ටු සේවාවන්හි දුර හා වේග සීමා නිශ්චය කිරීම, තල්මසුන්ට වන හානිය අවම කිරීම, අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් ලබාදීමට ක්‍රමවේදයක් සැකසීමට ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

    Latest News