හෘදයට නැවත පණදීමට නව සීපීආර් යන්ත්‍රයක්

සැප් 19, 2020

    කොවිඩ් - 19 රෝගයට මුහුණදීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඩිල්ෂාන් අබේසිංහ සිසුවා නිර්මාණය කළ සීපීආර් යන්ත්‍රය අග්‍රාමාත්‍යවරයා වෙත හඳුන්වාදීම ද අරලියගහ මන්දිරයේදී ඊයේ සිදු කෙරිණ.

    හෘදයට නැවත පණදීමට කෙරෙන ප්‍රතිකාරයක් ලෙස සීපීආර් ලබාදීමේ යාන්ත්‍රික ක්‍රමයක් මේ ඔස්සේ හඳුන්වා දී තිබේ. 

    මෙම නිර්මාණයට නව නිපැයුම්කරුවන්ගේ සංගමය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අනුමැතිය ද ලැබී තිබේ.

    මෙය, අනාගතයේ දී රෝහල්වලට හඳුන්වාදීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේය.

    කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ෂෙනාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. 

    Latest News